Description
සිහිය පැමිණි විගස පෙරිදේ තමාව ගැටගසා තිබූ ලණු පටවලින් නිදහස් වීමට උත්සහ කළාය. ඇගේ මුව වසා බැද තිබූ ලේන්සුව ඉවත් කර ගත හැකි වී නම් ඇය කෑ ගසනු ඇත. අදුරට හුරු වූ දෑසින් වටපිට බලන විට, අඩ අදුරේ නිවී යමින් තිබූ ඉටිපන්දම් එළියෙන් බිත්ති පුරා එල්ලා තිබූ සිය ගනනක් වූ සිතුවන් ඇය දුටුවාය. ඒ අතර නග්න සිතුවම් දුසිම් ගනනක් විය. ස්නානය කරනා කාන්තාවන්ගේ සිතුවම් අතර තම මවගේ රුව දුටු විට,පිටතින් ඇසෙන මුලුමහත් කලබගෑනිය කුමක්දැයි ඇයට වැටහුණි. අසල්වැසියන් ඇයව සොයමින් කලබල කරද්දී දෑත් දෙපය ගැටගසා බදිනු ලැබූ ඇය නිරුවතින් සෝපාවක් මත වැතිස සිටියාය. සෝපාව කෙලවර තීබූ ඉටිපන්දම දෙසට ඇය තම මැණික් කටුව දිගු කළාය. ලණු පට දැවෙද්දී ඇගේ මැණික් කටුවද පිළිස්සෙන්නට විය. ඇය වේදනාවෙන් දත්මිටි කෑවාය. සිය නිරුවත පිලිබද ලැජ්ජ වූවාය. බිම් මහලේ තිබූ සියලුම සිතුවන් ඇය දන්නා හදුනන කාන්තාවන්ගේ ඒවා විය. ස්නානාගාරයේ සිටි කාන්තාවන්ගේ නිරුවත් සිරුරු ඒවායේ සිතුවම් කර තිබිණි.






Reviews
There are no reviews yet.