Availability: In Stock

ගෝතම ගීතය – Gothama Geethaya

Original price was: රු850.00.Current price is: රු720.00.

ජයසේන ජයකොඩි – Jayasena Jayakodi

අමාවැස්ස – Amawessa

ISBN – 9789555517645

Already sold: 0/5

Description

“එ සේ නම් බ්‍රාහ්මණය මම ඔබ විචාරමි. අත්පත් නිලුපුලෙක පුසුඹ පැහැය හා සෝබාව කොතරම් කලක් ආස්වාදනය කළහැකි දැ යි කියන්න?”

“හෝරාවක් දෙ හෝරාවක් හෝ එයට ද වැඩි කාලයක් ආස්වාදනය කළහැකි වන්නේ ය.”

“පින්වත් බ්‍රාහ්මණය, එයින් ඉක්බිති ව එහි පුසුඹ පැහැය හා සෝබාව කෙසේ ද? මුකුලිත වූ කවර හෝ පුෂ්පයක් සියතට ගෙන සිඹින්නෙක්, නරඹන්නෙක් සිටිත් ද? පින්වත් බ්‍රාහ්මණය, මම යළිත් ඔබ විචාරන්නෙමි. මෙහි පසුවන ස්ත්‍රීන් දෙ දෙනා ගෙන් ඔබ දියණිය මට හඳුන්වා දෙන්න?”

“කුමාරයාණෙනි, ආරම්භයේ දී කෝළ හැඟීමෙන් යුතු ව, මහත් වේගයෙන් ඇස මරමින් නෙතඟ බැලුම් ඇති ව සිට, දැන් හේබාගිය ළහෝපලු පතක් සේ පහත් කැරගත් හිසින් ද, අඩව පියාගත් නෙතින් ද පසුවන අභිරූමතිය මාගේ දියණිය ය. ඔබ ගේ දකුණු පසින් පසුවන්නී ඕ ය; මාලාදාමය වමතින් බාගත්වනම සිටින්නී ද ඕ ය.”

“බ්‍රාහ්මණය මම ඇය හඳුනාගතිමි. ඔබ බිරින්දෑත් දෝණියන්දෑත් අතර වයස් පරතරයක් ඇති බව පමණක් දකිමි. එකියක සුරූපියක හා අනිකිය විරූපියක බව නොදකිමි. මෙයින් විසි තිස් වසරකට පෙර ඔබ බිරින්දෑ කෙසේ ද බ්‍රාහ්මණය?”
බ්‍රාහ්මණයා ගේ මුව ප්‍රහර්ෂයෙන් පිරීගියේ ය. “කුමාරයාණෙනි, එවකට ඇය ද මාගේ දියණියට සමාන රූ ඇති රූමතියක් ව සිටියා ය.”

එ සේ නම් බ්‍රාහ්මණය, තවත් විසි තිස් වසරකට පසු ඔබේ දියණිය කෙසේ දැ යි ඔබට කිව හැකි ද?”

Reviews

There are no reviews yet.

Be the first to review “ගෝතම ගීතය – Gothama Geethaya”

Your email address will not be published. Required fields are marked *