Description

“සී.අයි.ඩී. එකේ උන්නු කාලෙ එන හැම කේස් එකක්ම ටක්ගල විසඳුව නිසා මං හිතාගෙන උන්නෙ මට විසඳන්න බැරි කේස් එකක් නෑ කියල.. ඒත් මේ ගමේ එකපිට එක වෙච්ච මිනීමැරුම් එකකටවත් වගකියන්න ඕන කව්ද කියල මට තාමත් හොයා ගන්න බැරි වුණා. මිනීමරුවා කවුරු උනත් ඌ අපි හිතනවට වඩා මොළකාරයෙක්. මේ එක මිනීමැරුමකින්වත් ඌ අපට කිසිම සාක්ෂියක් ඉතුරු කරල නෑ…”

– ඕ.අයි.සී. සුවහස් දිසානායක

“මොකද්ද බං මේ ගම.. බල්ලො බළල්ලූ ගාණට මිනිස්සු මරල දාන හැටි බලපං.. ඒකත් මහ අමානුෂික විදිහට.. කව්ද මේව කරන්නේ? මේ වගේ තැනක උඹ ඉන්න ඕන්නෑ සුවහස්… උඹ මං එක්ක යමං ආපහු… උඹේ අම්ම මේව දන්නවනම් මටත් විසුමක් වෙන්නෑ..”

– උදාර (සුවහස්ගේ මිතුරා)

“මේක හරිම ලස්සනට තිබිච්ච ගමක් මහත්තයො.. මේ ගමේ මිනිස්සු හරිම සැනසීමෙන් ජීවත්වුණේ.. ඒත් දැන් බලන්ඩ.. හවස් වුණායින් පස්සෙ මිනිස්සු ගෙවල් වලට වෙලා දොරවල් වහ ගන්නවා… අල්ලපු ගෙදර මිනිහා මැරෙන්ඩ වැටිල හිටියත් බලන්නෑ… හවස හයෙන් පස්සෙ ගම කනත්ත වගේ පාළු වෙලා යනවා….”

– පන්සලේ ලොකු හාමුදුරුවෝ

Additional information

Weight 0.5 kg
book-author

Reviews

There are no reviews yet.

Be the first to review “අගුරු මල්”

Your email address will not be published. Required fields are marked *