Availability: In Stock

මාණික්කාවත

Original price was: රු900.00.Current price is: රු765.00.

මාණික්කාවත – Manikikkawatha

ISBN    978-955-0980-23-9

මහිංද ප්‍රසාද් මස්ඉඹුල – Mahinda Prasad Masimbula

 

Maanikikkawatha

Already sold: 0/10

Frequently Bought Together

Description

‘සෙංකොට්ටං’ නම් සිය පළමු නවකතාවෙන්ම පාඨක විචාරක අවධානය නොඅඩුවම ලබා ගත් මහින්ද ප‍්‍රසාද් මස්ඉඹුල සිය දෙවන නවකතාව ‘මාණික්කාවත’ නමින් තිළිණ කර තිබේ.

කතා රසයෙන් වෙන්ව ගත් කල්හි පවා මානයන් කිහිපයක් ඔස්සේ කියවීමට තරම් සියුම් පරාස රැුසක් මෙහිදී හමුවන බැව් පෙනී යයි. බැලූ බැල්මට මෙය කෙටි නවකතාවකි. (පිටු 165) එහෙත් පරම්පරා හතරක ජීවන විලාසය අතිශය සංක්ෂිප්තව මෙමගින් නිරූපිතය. ඒ සංක්ෂිප්ත බව මහත් අඩුපාඩුවක් සේ පෙනී යයි. එහෙත් අඩුපාඩුවලින් ගහණ වූ ජීවිතය අප අතහැර නොදමන්නා සේ මෙයද අතහැර නොදැමිය යුතුය. එක අතකින් මෙය ජනශ‍්‍රැතිය ඇසුරෙන් ලියැවුණු දැනුම් මණ්ඩපයකි. සාහිත්‍යය තුළ නව යෙදුම් ආකල්ප නිර්මාණය කරන්නාවූ පර්යේෂණයක් ලෙසද තවත් අතකින් සිතිය හැකිය. සමාජ, සංස්කෘතිකමය පරිවර්තනය හුවා දක්වන කෙටි ප‍්‍රබන්ධයක් ලෙසද සත්‍ය සිදුවීමේ සහ සත්‍ය ස්ථාන මූලික කොටගත් කතාන්දරයක් ලෙසද හඳුන්වා දිය හැකි අතර ගැමි දිවියේ විශිෂ්ටතා, ඇදහිලි, විශ්වාස, ආගම, කුලය, සූරාකෑම, දූෂණය මතු නොව දුබලයා සහ බලවතා අතර වූ නිහඬ අරගලය, ඉඩම් ගැටුම, රටේ කැපී පෙනෙන වෙනසක් ඇති කළ 1958 අංක 01 දරන ගොවි පනත වැනි සියල්ල අතරේ තවදුරටත් අප පතන උසස් වූ මානවවාදී ප‍්‍රවණතා පිළිබඳවද කතුවරයාගේ මූලික අවධානය යොමුවී ඇති අයුරු පෙනේ.

Reviews

There are no reviews yet.

Be the first to review “මාණික්කාවත”

Your email address will not be published. Required fields are marked *